Dec 22, 2009

සරත් සමයේ ....දී සුදු හංසයෙක්

සරත් සමයේ ....දී

අප යන මාවතේ සුදු මල් කැකුලු පිපිලා
සුදු මීදුමෙන් එතිලා
හිරු යාන්තමින් පායද්දී
සුදු හංසයෙක් ඉදිරියෙන් පෙනිලා
අලුත් රටකට පාර පෙන්නනවා
නව සුලඟේ අපි දැවටෙනවා
නිදහසේ නව සුළඟේ අපි සැනසෙනවා
සරත් සමයේ ....දී

ධීර වීර සෙනිපතියෙක්
රට හැදෙනා මෙහෙවරක්
නිදහස් පුරවැසියෙක්
සාරවත් හෙට දවසක්
වියවුල් නැති දේශයක්
ලොව පිළිගත් රාජ්‍යයක්
මව්පියදරු සෙනහස පිරුණු බිමක්
නිදහසේ නව මාවතේ
ඔබයි විරුවා
දැය රැකි යුදයේ
සරත් සමයේ ....දී

අප යන මාවතේ සුදු මල් කැකුලු පිපිලා
සුදු මීදුමෙන් එතිලා
හිරු යාන්තමින් පායද්දී
සුදු හංසයෙක් ඉදිරියෙන් පෙනිලා
අලුත් රටකට පාර පෙන්නනවා
නව සුලඟේ අපි දැවටෙනවා
නිදහසේ නව සුළඟේ අපි සැනසෙනවා
සරත් සමයේ ....දී

සෙබලානෙණී
ඔබ කල මෙහෙවර
නෑ අමතක වන්නේ
අභිමානයෙන් කම් කටොලු ඉවසා
බැති දේශයෙන් පෙරට ආ
හැම ජාතියේ එකමුතුවයි
නැහැ බේදයක් සැවොම එකතුයි
නව නායකයානෙණී
ගෙනයන්න දේශය ලංකා
හෙට දිනයේ ජය කෙහේලි නංවා
සරත් සමයේ ....දී

රචනය විනිවිද අරවින්ද