Oct 24, 2007

ආදරය කරලා, කරලා වෙන් වෙන්න උනාම, දෙන්නාටම ඇතිවන්නේ මහා දුකක්,එතකොට එක්කෙනෙක්ගේ හරි දුක නිවෙනවම්, කරන්නට බැරි දේ කියන්නේ එතකොට
~සංස්කාරක



කියන්නෙපා මට
නොකරම ඉන්නට
ඔබට ආදරේ මේ තරම්
අඬන්නෙපා දුක
වැඩිවෙන හින්දා
අවසන් හමුවේ සමරු සුසුම්

හෙලන්නෙපා මුතු
කඳුලක් නෙතඟින්
දුක වැඩිවේවි ආයෙ ඉතින්
සිතන්නෙපා මම
දුකින් කියාලා
දුක හිතුනට මට තනියෙන්

පතන්නෙපා ඔබ
එක්වෙන දා ගැන
හමුවන්නෑ අප ආයේ ඉතින්
පෙනෙන්නෙපා මා
ඔබේ සිහිනයේ
මේ සසරේදී නැති හමුවෙන්

රචනය - නිරංජන් මීගම්මන