Oct 7, 2007

රෑ මනමාලි සුවඳින් පිබිදී


රාත්‍රිය සාහිත්‍ය නිර්මාණ වලට තෝතැන්නක් වෙන්නේරාත්‍රියට සිත් නිදහස් වෙනනිසා, රාත්‍රිය සතුට ගෙන දෙවනවා මෙන්ම දුක් කන්දරාවල්ද ඇති කරනවා. සමහරුන් ගිමන් හරින රාත්‍රිය තවත් සමහරුන්ට ජිවිතය ගැටගහගන්න වෙළඳ පලක් වෙනවා. මේ ඒ දෙස මානව දයාවෙන් බලන ඇසක්.

~සංස්කාරක


රෑ මනමාලි සුවඳින් පිබිදී
රෑ මනමාලියෝ දොරට වඩිනවා
එලියෙන් පහනේ අඳුරේ සැඟවී
රාගයේ ගිනි අවුලාලනවා

සමූහය :
නිදි නෑ කවදා
ඉරු නෑ දැකලා
රැන මනමාලී
රෑ පිපෙනා

සඳට ආදරේ ඉරට වෛර වේ
තරුද ගනින්නේ රෑ අහසේ
පොඟවා කඳුලේ විල්ලුද සයනේ
සිරුරේ ගින්දර නිවාලනවා

සමූහය :
නිදි නෑ කවදා
ඉරු නෑ දැකලා
රැන මනමාලී
රෑ පිපෙනා

අද රෑ එලිවේ සයනය හිස්වේ
කොයිදෝ යන්නේ හිමිදිරියේ
පෑගෙන පින්නේ තණමත මුතුසේ
ජීවන ගමනේ දුක වපුරනවා

සමූහය :
නිදි නෑ කවදා
ඉරු නෑ දැකලා
රැන මනමාලී
රෑ පිපෙනා

ගීත සංකල්පය හා රචනය : නිරංජන් මීගම්මන