හිතේ දුකට හිතෙන කවී
උඹට කියන්නේ කෝමා
උඹ යනකොට මාව දාලා
බලං ඉඳින්නේ කෝමා
වැව් කණ්ඩියේ උඹ එක්කල
ඇවිද යන්නේ දැං කෝමා
හඳ වැහුනම රාත්තිරියේ
ඉඹගන්නේ අපි කෝමා
හීතල එයි රෑ වෙනකොට
තනියෙං ඉන්නේ කෝමා
උඹෙං ලැබුණු ළමැද සුවේ
ආයේ විඳින්නේ කෝමා
නැගිටිනකොට හිමිදිරියේ
උඹව දකින්නේ කෝමා
ඇසේ නැගෙන කඳුලු බිංදු
පෙන්නන්නේ මං කෝමා
නිරංජන් මීගම්මන ෴