Sep 21, 2007

හිත තනියෙන් අඬනවා



එකට ඉඳලා වෙන් උනාම ඒක දරාගන්න අමාරුයි!
ආදරය ඒ වෙනුවට තනි රකින්න එනවා, එතකොට
කඳුලු වලටත් වටිනාකමක් එනවා
~සංස්කාරක


හිත තනියෙන් අඬනවා

ගැහැණු :
ඉර දෙයියෝ මං ලඟ නෑ
වැලි කතරේ දැවෙනවා
ඉර මුදුනට නැගුනා සේ
පපු කැණැත්ත පිච්චෙනවා

පිරිමි:
සඳ කුමරී මං ලඟ නෑ
රැ සීතල දැනෙනවා
රෑ හීනෙන් උඹ පෙනිලා
විහිලු කතා කියනවා

ගැහැණු :
මාසේ පෝය ලං උනාම
මගේ දෙයියෝ සිහිවෙනවා
රෑ මැද්දේ ඇස් පියාන
මගේ තනිකම අඬනවා

පිරිමි:
ඇඳ වියලේ උඹේ සළුව
මගේ තනිකම නිවනවා
තනිකම නැ වගේ පෙනුනට
හිත තනියෙන් අඬනවා

ගීතය - නිරංජන් මීගම්මන෴