
වැඩියෙන්ම ආදරය ප්‍රකාශ වෙන්නේ තනියම ඉන්න කොටයි, හාස්‍යයත් ආදරේ කොටසක්, අපි වැඩියෙන්ම විහිලු කරන්නේ ආදරේ කරන කෙනාට, මේ ගීතය හාස්‍යයෙන් කරන ආදර ප්‍රකාශයක්
~සංස්කාරක
දාලා යන්න එපා මගේ රත්තරං
ඉන්න එපා ඈත්වෙලා බිංදුවක්
කියලා ඔයා ඉන්දියාවේ සිංදුවක්
දෙන්න ඉතිං සුදු මූණෙන් හාදුවක්
මැවිලා පේන උඹේ මූණ පුං සඳක්
මල් කෙමියේ පැණි පිරිච්ච පෙම් මලක්
දෙන්න සුදෝ මා හට එක රොන් බිඳක්
අහිංසකයි සමණළයෙක් වාගේ මං
බලන් ඉන්න නම් බෑ මට කල් තවත්
ගමුකෝ අපී තීරණයක් ඉස්තරම්
ඉඹගන්නට දෙන්නා ලඟදි ටජ් මහල්
පැනලා යංද ඉන්දියාවේ රත්තරං
ගීත රචනය : නිරංජන් මීගම්මන෴