Sep 29, 2007

ඔය ඇස් නටන්නේ



චින්ති හා අශාන්තිට ලියපු රාළ සම්ප්‍රදායේ
සෘංගාරාත්මක ගීතයක්, රිද්මය හිප්පොප්


ඔය ඇස්ද නටන්නේ
දෙතොල් පෙර‍ලුනේ
ඒ මල සිපගත්තේ
ආදරේ හිතිලදෝ - ආදරේ ඕනැදෝ
නෙත් කොණින් බලාලා
මා වසඟ කරලා
බොරුව කරන්නේ
ආදරේ හිතිලදෝ - ආදරේ ඕනැදෝ

ටීකාව:
ආදරවන්තයා වෙන්නද මං අද
හීතල හිරගඩු නැතිවන මී බිඳු
ගලනා ධාරා ආදර උයනේ
තාලෙට නැලවෙන තිසරා සෙවනේ
සුවදෙන සැපදෙන රඟදෙන දිදුලන කාන්තියේ මේ රාත්‍රියේ

නිදි යහන තනිවුනේ
දැනීලද සෙනේ
ඒ මල සිපගත්තේ
ආදරේ හිතිලදෝ - ආදරේ ඕනැදෝ
මල් රේණු පිබිදුනේ
හිතීලද සුවේ
සුදු ලමැද රතු වුනේ
ආදරේ හිතිලදෝ - ආදරේ ඕනැදෝ

ටීකාව: ගෑහෑණු
ආදරවන්තිය වෙන්නම් මං අද
උනුසුම් සිතිවිලි පුරවා හද තුල
සරණා කොවුලා ප්‍රේමැති උයනේ
සුරතේ සමරුව දඟඇති නිතඹේ
සුවදෙන සැපදෙන රඟදෙන දිදුලන කාන්තියේ මේ රාත්‍රියේ

ගීත සංකල්පය හා රචනය - නිරංජන් මීගම්මන