Sep 21, 2007

පොඩ්ඩ පොඩ්ඩ මෝදු වෙච්ච




දුක හිතට දැනුනම, ඉස්සෙල්ලම ඒක දැනෙන්නේ ඇස් වලට, කඳුලු හංඟාගන ඇඬෙන්නේ ඒ වෙලාවට, ඊ ලඟට හදවතටයි දැනෙන්නේ, සුසුම් පිරිලා පිරිලා බැරිම තැනදි තමා අහක බලාගන පිට කරන්නේ, අන්තිම දසුනේදී වෙච්ච හැමදේම එකතු වෙලා එකවැර පෙනිලා බොඳ වෙලා යනවා, ඒ හැම දෙයක්ම හංඟාගන ඉන්න තරම් ආදරේ මුරණ්ඩුයි..

පොඩ්ඩ පොඩ්ඩ
මෝදු වෙච්ච
කඳුලු බිංදුවේ
හැංගීලා උඹ ඉඳපන්
ඈට දුක සිතේ //

රිද්ද රිද්ද
මෝදු වෙච්ච
දුක් සුසුම් හදේ
හැංගීලා උඹ ඉඳපන්
ඈට දුක සිතේ //

පොඩ්ඩ පොඩ්ඩ ...

වින්ද වින්ද
මල් සරාගී
රතිය මා ගතේ
හැංගීලා උඹ ඉඳපන්
ඈට දුක සිතේ

පොඩ්ඩ පොඩ්ඩ ...

නිරංජන් මීගම්මන෴