Sep 27, 2007

සිහිනෙන් මා ඔබ සිප ගෙන ඇති





හිතට මායිම් නැහැ, දුවලා දුවලා හති වැටෙන්නේත් නැහැ, යමක් හිතුනාම ඒක හිතින් ඉවත් වෙන්නේ නෑ
හිතට තමා ආදරය දැනෙනනේ, ඒත් අපට කියවන්න පුලුවන් අපේ හිත් විතරයි

~සංස්කාරක




සිහිනෙන්
මා ඔබ සිප ගෙන ඇති
දහස් වරක්

හදවතින්
මා ඔබට තුරලූ වී සිටියෙම්
අනන්තයක්

පසුකරමින් මා
ඔබ යනු දකිනෙමි
තවත් වරක්

සොයන්නේ
මා ද ඔබ ඇතිවී
කුලුඳුල් සෙනෙහයක්

දෙනෙතින් ඔබේ මා එය දකිමී
සිනාවෙන් ඔබේ මා එය දකිමි
කඳුලක් කිසිදාක ඔබට නොදෙමි
දහස් වරක් මෙලෙස හදවතින් කියමී

මා ඔබට ආදරෙයි
ආදරෙයි
මා ඔබට ආදරෙයි
ආදරෙයි

සිහිනෙන් ..

කෙසේ දෝ මා ඔබේ හද දිනන්නේ
කවදදෝ ඔබේ ආදරේ මට ලැබෙන්නේ
හිතලාදෝ ඔය විදියටම ඉන්නේ
මා නොදන්නේ කියලා මට දෙන්නේ

මා ඔබට ආදරෙයි
ආදරෙයි
මා ඔබට ආදරෙයි
ආදරෙයි

සිහිනෙන්

ගීත රචනය - නිරංජන් මීගම්මන෴